Sunday, January 14, 2018

රෝමාන්තික





රෝමාන්තික ප්‍රේම සිහිනයක
අඩව්වක් අල්ලලා නුඹ
ඉසව්වක් නොපෙන්වා
හැංගිලා තකහනියක්ම.....

ඉංඟිතයක් නැතුව මට
යන්න කීවම, කියන්න පණ
යන්නෙ කෝමද
හැංගිලා නොකියාම....

සංවරම හිතක් ලඟ
ඇහැරිලා අසංවර
සිතුවිලිත් පුපුරලා
හිඩැසකුත් තැනුවාම......

තුන් හිතම ඇහැරගෙන
නිදි මතේ හැම රෑක
නුඹ ගැනම සිතුවාම
ඉකිළුවා දැනුනා......

තතනමින් උඹේ ලඟ
පෙරලිච්ච හිත් අඩිය
නැගිටුවාලා යන්ට

  1. නුඹ එයිද මන්දා.......

2 comments: