Thursday, January 11, 2018

ආදරී


හිත හීරෙන්නම
නුඹ මගෙ හිත උඩ ඇවිදිනවා
නුඹ හයියෙන් බර අඩි තියනකොට
මට බරට දැනෙනනවා
නුඹ කිසි ගානක් නැතුව
මගෙ හිත උඩ දගලනවා.......

හිත හිරිවැටිලා
ගල් වෙලා
ඒ හී සර පාර සැරයි වගේ
හිත සිදුරු වෙලා
මෙහෙම වෙන්නැති
නුඹෙ ආදරේ......

රිදවුම් ගැරහුම් මැද
මම දඟලනකොට
නුඹ තව හයියෙන්
බර අඩි තියනවා
නුඹෙ ආදරේ එහෙමද
තදට හීරුවෙ නැත්තං
නුඹට මදි වගේද...

අනේ ආදරී
මම දරාගන්නෙ කොහොමද
කියපන්
නුඹෙ බර අඩි රිදවුම්
දැන් ඇති ආදරීි.....

කරපන් ආදරේ
රිදවන්නෙ නැතුව මට
සිඹපන් මගෙ කමමුල්
ළං වෙයන් මට
ආදරීි
බර අඩි එපා මට මගෙ ආදරී.....



No comments:

Post a Comment