Friday, January 12, 2018

රහ






දම් පාට නුවරකම
සීතලේ හිරි වැටුන
නෙත් අගින් ගලා ගිය
කදුලු බිදු ගල් වුනා.....

ඇලී ඒ ඇස අගම
ගලන්නට නොහැකිවම
හිරවෙලා වැතිරිලා
කොපුල් මත ගුලි වුනා.......

සීතලේ වෙව්ලනා
අතැඟිලිද දැවටෙද්දි
කදුලු බිඳු තව තවත්
ගල් වුනා ගුලි වුනා.........

විරහවේ රහ දැනී
ලුනු රසක් දෙතොල් මත
ගෑවිලා නොගෑවී
හෙමි හෙමින් පිට උනා.....

සීතලට තොදොල් වුන
උණු කෝපි කෝප්පය
විරහවට උණුහුමක්
තවරලා හිනැහුනා.......


2 comments:

  1. Can not see the poem. Change the text color or background color plz

    ReplyDelete
    Replies
    1. හප්පා ලිඛි ඔයා මගේ යාලුවගේ බ්ලොගයට ආවා ඒනම්.. අපේ පැත්තට ආවත් පිය සටහන්වත් ඉතිරි නොකර ගියාට... ස්තූතියි හොඳේ...

      Delete