අස්විද දැකුම්
නැකැතුත් ඒ දැක දැකම
සත් විද පෙමින්
රිදවුම් තව විදෝගෙන.....
තත් සිඳි බියෙන්
තනුවද විසි කරාගෙන
කවියද දමා
පෑගුවයි අඬාගෙන........
නෙක් විද හැඟුම්
තදකර ලැම බදාගෙන
සිප් හැර පෙමින්
මුසවුවයි වෙලීගෙන.......
සංකර ගතිද
පහ කරගෙන බැදීගෙන
පෙම්කල නමට
නැත කිසිවක් ලැබීගෙන.......
නෙත් තද කරන්
ඇසිපිය නොම ගසාගෙන
හද ගුල ඇරන්
හිනැහීයන් බලාගෙන.....
පෙම්බර නුඹගෙ
හද විල මල් පිපීගෙන
එකළුව එතැයි
සිතපන් පෙම පුරෝගෙන......
No comments:
Post a Comment