හිතලුවක්
නොනිදාම පහන් කල
අමාවක මේ රැයට
පුන් හදක් පායන්නේ
නැතිවාද මන්දා.....
සීතලේ දුරැත්තට
පෙළ ගැහෙන තුෂාරෙට
ගල් ගැහුණු හිත් අඩිය
පෑරිලද මන්දා.......
අක් බඹරු කෙස් රොදක්
වසාගෙන නෙත් කෙවෙනි
රිදුම් දෙනවා තදින්
නුඹ කොහෙද මන්දා........
නහර වැල් ඉලිප්පුනු
මුව කමල මැලවිලා
ඇස් ගෙඩිද තඩිස්සිව
ඉදිමිලද මන්දා........
වක්කඩක් කැඩුවා වගෙ
හෝ ගගා කඳුළු බිඳු
කොපුල් තල පීරගෙන
කොහෙ ගියෙද මන්දා........
පෙු්මයේ රසෝඝය
වියැකිලා දුක් බරිත
හිතලුවක් වෙලා නුඹ
කැරකේද මන්දා........
හුඟක් ලස්සනයි දිල්රු.
ReplyDelete