දම් පාට නුවරකම
සීතලේ හිරි වැටුන
නෙත් අගින් ගලා ගිය
කදුලු බිදු ගල් වුනා.....
ඇලී ඒ ඇස අගම
ගලන්නට නොහැකිවම
හිරවෙලා වැතිරිලා
කොපුල් මත ගුලි වුනා.......
සීතලේ වෙව්ලනා
අතැඟිලිද දැවටෙද්දි
කදුලු බිඳු තව තවත්
ගල් වුනා ගුලි වුනා.........
විරහවේ රහ දැනී
ලුනු රසක් දෙතොල් මත
ගෑවිලා නොගෑවී
හෙමි හෙමින් පිට උනා.....
සීතලට තොදොල් වුන
උණු කෝපි කෝප්පය
විරහවට උණුහුමක්
තවරලා හිනැහුනා.......
Can not see the poem. Change the text color or background color plz
ReplyDeleteහප්පා ලිඛි ඔයා මගේ යාලුවගේ බ්ලොගයට ආවා ඒනම්.. අපේ පැත්තට ආවත් පිය සටහන්වත් ඉතිරි නොකර ගියාට... ස්තූතියි හොඳේ...
Delete